මම මගේ කිය කියා
හැමදාම
සසර මග නුඹ
පැටලෙති
මගේ වුනු කිසිවක්ම
මගෙ නොවන බව
දැන ගනින්
උපන්නෙත් හිස්
අතින්මයි
මැරෙන්නෙත් නුඹ
හිස් අතින්මයි
දෙඅත ගුලි කර
ගන්න හැකිවෙයි
නුඹ කරන යම්
හොදත් නරකත්....
ඉතිං ලොව තියෙන
අනියත බවම නම්
ඇයිද මෙ හැටි
ගහ මරා ගන්නේ
ඉන්න කම් නුඹ කරන
දේමයි තියෙන්නේ....
එහෙම දැන දැන් ඇයිද
නුඹ දුක් පුරන්නේ...
Tuesday, September 14, 2010
Friday, September 10, 2010
නිකිණි පෝය.....
නිකිණි මාසෙ හොද රස්නෙට..
ගස්වැල් වල කොල හැලෙන්නෙ...
මල් පිපිලා දලු දමන්න
නැවුම් වැස්ස හෙට වහින්නෙ...
සසර මගට මුවා වෙලා...
නුඹෙ සිල්පද නුඹ රකින්න..
නෙතට දකින බුදු රුව ළග
දැහැමි සිතින් මෙත් වඩන්න..
මෙතේ බුදුන් ළග වැටෙන්න..
තව කොච්චර කලක් යයිද..
ඊට කලින් දුක බිදින්න...
කුසල් සිතින් නුඹ හිදින්න...
හොද මිතුරන් නුඹ වටේම...
සැදැහැ සිතින් නිති හිදින්නෙ...
නිකිණි පෝයෙ දම් වැස්සට...
නුඹ තෙමිලා ජය ලබන්න...
මං කොහොමද බේරෙන්නේ...?
සිවුපාවා මම
වුනාට
දෙපා සතා
තිරිසනාය....
මනස උසස්
වුනත් උගේ
පපුවෙ තෙතත්
නැහැනෙ අම්මෙ....
හෙට අනිද්දා
ඇවිත් මෙහෙම
මාව අරන්
යාවි නේද...
කියලා යන්න
මගෙ අම්මෙ
නුඹ නැතිකල
මං කොහොමද බේරෙන්නේ...
(උපුටා ගත්තේ....සුදර්ශන ඇල්පිටිය මුහුණු පොතේ...)
වුනාට
දෙපා සතා
තිරිසනාය....
මනස උසස්
වුනත් උගේ
පපුවෙ තෙතත්
නැහැනෙ අම්මෙ....
හෙට අනිද්දා
ඇවිත් මෙහෙම
මාව අරන්
යාවි නේද...
කියලා යන්න
මගෙ අම්මෙ
නුඹ නැතිකල
මං කොහොමද බේරෙන්නේ...
(උපුටා ගත්තේ....සුදර්ශන ඇල්පිටිය මුහුණු පොතේ...)
Sunday, August 29, 2010
Tuesday, August 17, 2010
Wednesday, August 4, 2010
Subscribe to:
Posts (Atom)




