Saturday, April 16, 2011

බුදු පුතෙකු දී ලොවට...

මව් සිතක ඇති පුතු සුවද
දකිනවා ලෝ දම මගින්..
පිය කෙනෙකු වී විදි සුවද
දකිනවා ලෝ දම මගින්...

බුදු පුතෙකු දී ලොවට...
විදින සුව දකිනා දිනේ...
බුදු කෙනෙක් ඇති තැනට
යන්න සැනසුම ඇතේ වුනේ...

නිවන් මග යන පුතු සෙනේ
ලයෙහි හිරකර තබා ගන්නේ...
මව්පියන් වී ලොවට දුන්නේ
හිතේ සතුටක් දැන් විදින්නේ....