Saturday, December 10, 2011

පරදන්නෙමි සිත...


මෝහ මුලා පොඳි බැඳගෙන
දිගු ගමනක් යන මේ හිත ළග______________

දාස වෙලා නම් කුමටද තව තව
මාර පරාජය කරනෙමි අදහෙට_____________

මායාවක් විලසට ආවත්
සුපුරුදු විජ්ජා පාලා මේ හිත_______________

ඡායාවක් ලෙස ළගම රැදෙයි
මට්ටු කලොත් සිත බරකර කුසලට______________

සැප හසරැල් සොයමින් යනෙනා සිත
දුක් කදුළැල් නොපතයි කිසිදින_________________

මිසදිටු කම් ලග පරාද කරනෙමි
අමරස දම්කඳ දුටුවෙමි මසිතම_______________________


නොරුවටි නොතිවී යනු මැන දැන් දැන්
සදා නිවෙන්නට සිත පහදා_______________

මගේ බුදුන් දෙසු දම් රස ඇත තවමත්
විල් මත හිනෙහෙන පියමුන් විලසා______________________