Friday, September 10, 2010

මං කොහොමද බේරෙන්නේ...?

සිවුපාවා මම
වුනාට
දෙපා සතා
තිරිසනාය....
මනස උසස්
වුනත් උගේ
පපුවෙ තෙතත්
නැහැනෙ අම්මෙ....
හෙට අනිද්දා
ඇවිත් මෙහෙම
මාව අරන්
යාවි නේද...
කියලා යන්න
මගෙ අම්මෙ
නුඹ නැතිකල
මං කොහොමද
බේරෙන්නේ...

(උපුටා ගත්තේ....සුදර්ශන ඇල්පිටිය මුහුණු පොතේ...)

2 comments:

  1. උපුටා ගත්තේ....සුදර්ශන ඇල්පිටිය මුහුණු පොතේ...

    පසුගිය නිකිණි පොහෝ දින (24 දා) වහකෝට්‌ටේ ගම්මානයේ මෙම එළදෙන පොදු ළිඳකින් ජලය පානය කරමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු කොඳුනාරටිය (සුසුම්නාව) තියුණු ආයුධයකින් පහර දීම නිසා බරපතල තුවාල ලැබීය. අනතුරුව ඉතා අසීරුවෙන් වයස සති තුනක්‌ වූ පැටවා සොයාගෙන ආ එළදෙන තම ශරීරයෙන් ලේ ගලා යද්දී පණ අදිමින් සිටිමින් ම සිය පැටවාට කිරිදෙන ආකාරය කාගෙත් සිත් කම්පා කරවන්නක්‌ විය. සුළු වේලාවකින් බරපතල ලෙස තුවාල ලැබ සිටි එළදෙන මෙලොවින් සදහටම සමුගත්තේ මිනිස්‌කමට නිගරු කළ තිරිසනකුගේ තිරිසන් ක්‍රියාවක්‌ ලොවට කියා පාමිණි.

    ReplyDelete
  2. වචනයට විතරක් සිල් ගන්න අය ඉන්න සමාජයේ මෙහෙම දේවල් වෙනවා

    ReplyDelete