මා අන්‍යයන් ගැන කිසිවක් නොකියමි. සියල්ලටම මා
මාම උපමා කර ගනිමි. මා සිංහල බෞද්ධය. එය මට මහත් ආඩම්බරයකි. විදේශයක ජීවත්
වුවත් කෙනෙක් මට වෙනත් ආගමක අත් පත්‍රිකාවක් දෙන්න තැත් කරන විටදීත් මා
කියන්නෙ මම බෞද්ධ මට එපා. අපරාධයක් මම මේක කුණු කූඩෙට දාන නිසා කියාය.
බලෙන් හෝ ඇඟේ ගැසුවොත් ඊට නුදුරෙම ඇති කසල බදුනට එය දමමි. ( සමහර විට එය
ඔවුන් ඉදිරිපිටම තිබෙන්නට හැක. ) ඒ මගේ හැටිය.
නොදන්නා උන් අන්න අරකිගෙ ලොකු කම යැයි කියයි. එහෙත් මා කිසිම විටක වෙනත්
ආගමක මට අනවශ්‍ය දෙයක් කියවන්නට යන්නේ නැත. එය මගේ ප්‍රතිපත්තියයි.
පරම අවිහිංසාවාදය සිදුකළ නිගන්ඨනාථපුත්තයන්ගේ වදනටද ඇහුම් කන් දුන් අප
බුදුන් වහන්සේ සංඝයා වෙනුවෙන් වස් කාලයක් ප්‍රකාශයට පත් කලේ එය ගරු
කිරිමටය. දෙව්රම අසර ඌරන මරණ්නෙකු සිටියත් බුදුන් කිසිවක් කිසි දිනක
නොකිවුවේය. අදට වඩා එදා විවිධ ආගම් තිබුණ යුගයක බුදුන් වහන්සේ පහළ විය.
එහෙත් කිසිවෙකුට හානියක් නොකර උන් වහන්සේ ධර්ම ප්‍රචාරය කරගෙන ගියහ. දැන්
මං මෙය කියනවිට යමෙක් කියයි දැන් එහෙම දහම් ප්‍රචාරය කරන්න බැහැ. එහෙම
නිහඩව ඉන්න බැහැ කියල. ඒත් මම ඔබට කියමි හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා සේම
සෑම හේතුවක් නිසාම එයින් යහපත් සහ අයහපත් දේ සිද්ද වන්නේය.
එදා
අනගාරික ධර්මපාලතුමා සිංහලයිනි අවදිවව් රට ජාතිය බේරගනිව් කිවුවාය. එහෙත්
උන් වහන්සේ කවදාවත් කැති පොරෝ ගනිව්..අනෙකා මරපියව් කොටපියව් කිවුවේ නැත.
පානදුරා වාද වැනි දේ වලදි ගුණානන්ද හිමියන් වැනි උතුමන් චතුර ධර්ම
කතිකත්වයෙන් සැබෑ දහම් කරුණෙන් මිසිදුටුවන් ජය ගත්තා මිස අනෙකාට හිරිහැර
කරමින් ගියේ නැති. ( දැන් යමෙක් කියයි ආයෙමත් ඔය බම්බුව තියා ගනින් උඹ
ගාවම කියා. එහෙත් සැබෑව නම් ලේ වැගිරිමකින් දිනු දෙයක් නැත. සහෝදරවරුන් 99
ක් මරා කාලිංඝ යුද්ධය කළ චණ්ඩාශොකයන්ද නිවී සැනසුනේ බුදු පුතෙක් දැකය. ඒ
එතරම් නිවුනු දහමක් නිසා මෙන්ම නුවණැසින් දිනනා බැවින්ය. )
දර්ගා
නගරය යනු මට දුර නගරයක් නොව. මා යෞවන සමාජ කරන කාලයේ දර්ගා නගරයේ මුස්ලිම්
තරුණ තරුණියක් සමඟ ගැවසී ඇත. එවැනි ගෙවල් වලට ගොස් කා බී ඇත. ඔවුන්ද එසේය.
අපි භක්ති ගී ගයයි. නොයෙක් දේ කරයි. ඉන් පසු මුස්ලිම් අය සමඟ මා ගැවසුනේ
යොවුන් සේනාංකයේදිය. එයින් මුලතිව්වල නෂිමා අදත් මට මතකයට නැගෙයි. උඩ යට
නිදා ගැනීමට ඇති අදන්වල ඇය මගෙ යට තිට්ටුවේ ඇදේය. රාත්‍රි විදුලි පහන් නිවු
විට අප දෙදෙනාට පමණක් ඇසෙන්නට අප දෙදෙනා කතා කරගනියි. මට අමතක වු දේ ඇ
කරයි. මටත් සමඟ නිතරම උදෑසන කිරි එක ගෙනෙයි. එදා යොවුන් සේනාංකයේදී ඩ්‍රිල්
කරද්දී පර්දාව ගලවන්නට බෑ කියා ඇය දුක කියුවේ මටය. ඇගේ දහම අනුව ඈ
නිවැරදිය. මට ඇයට පිඩාවක් කරන්නට බැරිය. එදා දුක සැප බෙදාගත් මුස්ලිම් අය
මෙන්ම වසර දහතුනක් පාසලේ හැමදාම පන්තියේ එකම පේලියේ මගේ එක මිතුරියක්
දෙමළය. ඈ මා සහ අනෙකා අතර කිසිදු විරසකයක් කවදාවත් නැත. අහම්බෙන් ඇය යලිත්
මට මේ මුහුණු පොතේදිම හමුවිය.
මෙලොව ලේ වැගිරිමකින් දිනු දෙයක්
නැත. උපන් දා සිට කුරිරු යුද්ධයක සාපය විද ඇති මා සාමය ආ පසු තවමත් ඒ බිමේ
හරියට ජිවත් වි නැත. එහෙත් මට සතුටුය. දැන් මගේ උන් ගැන පපුවේ බයක් නැත.
වෙනදාට බෝම්බයක් බ්ලාස්ට් වෙලා කියා කණ වැකුණ ගමන් හතර අතට කෝල් කර කර මා
මුලින්ම සොයන්නේ මගේ උන් සුවෙන්ද කියාය. අද ඒ බිය නැත. එහෙත්,
මට
කියන්නට ඇත්තේ මෙයයි. කී බෝඩ් එක උඩ නැගගෙන අකුරු කොට කොටා වස විස පුරවමින්
මිනිස් හිත දුෂණය කරන්න එපා. යම් දෙයක් සිද්ද වුනා නම් එයට වගකිව යුත්තේ
සිංහල ඔබයි. ( දැන් ආයෙමක් මට බනින්න මේකිත් සිංහලුන්ටම බනිනවා කියා ) ඔබ
සිතුවාද ඔබ ජාතිය බේරගනින් කියා කැ ගැසුවට ඔබ මොනවද ඔබේ ජාතියට කලේ.. මම
නම් තාම කිසිවක් කරල නැහැ. ඔබ විවාහක නම් දරුවෙක් දෙන්නෙක් හදාගෙන සුවෙන්
සිටියි. ඔබ විවාහ වෙන වයස පසු වි ඇත්නම් එහෙත් ඔබ ජාතිය බේර ගනියව් කියා
අනුන්ට කැ ගසයි. ඔබ කැ ගසද්දි අනෙකා ඔබව පරදමින් ඉදිරියට යයි. ඔබ කැ ගසන
දේට අනෙකා ක්‍රියාවෙන් පිලිතුරු දෙයි. අද සුළු ජාතිය කියා ඔවුන් මේ
සියල්ලෙන්ම අනුකම්පාව ලබා පැන යයි. දිනයි. ඒ ඔවුන්ගේ ඉලක්කයට හඹා යන තෙක්ය.
ඔබ හැමදාමත් පුටුවක් උඩට වී ජාතිය බේරගනිව්.. කපපියව් කොටපියව් කිය කියා
හිදියි.
මුලින්ම ඔබේ යුතුකම් ඉෂ්ඨ කරන්න. ඔබේ පන්සල රැකගන්න. ඔබේ
දරු පවුල ලොකු කරගන්න. අනෙකා වැල වගේ පෝලිමක් හදනවට ඉර්ෂ්‍යා නොකර ඔබත් ඔබේ
ජාතියට ඔබේ යුතුතම කරන්න. එසේ නැතුව පිටරටල ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම්
ඇති දේශපාලකයින්ගේ අත කොළුවක් වී රුකඩ සංදර්ශන රඟන්නට එපා. අද ජිවන බර
අමතක වී මිනිස්සුන්ට බෞද්ධ මුස්ලිම් දේ කා වැදි ඇත. දැන් දේශපාලුවන්
ඔවුන්ගේ සියල්ල නිදහසේ කරගෙන යයි. රැවටිලා ඇත්තේ ඔබමය.
ඉතින් මෙය කියවා මට බනින්න. එහෙත් ඔබේ යුතුකම් ඉටු කර අනෙකාට අත දික් කරන්න.
ඉටු කොට කල යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන්නම්
නුඹයි ඉතින් ඉතා උතුම්
No comments:
Post a Comment