Saturday, December 10, 2011

පරදන්නෙමි සිත...


මෝහ මුලා පොඳි බැඳගෙන
දිගු ගමනක් යන මේ හිත ළග______________

දාස වෙලා නම් කුමටද තව තව
මාර පරාජය කරනෙමි අදහෙට_____________

මායාවක් විලසට ආවත්
සුපුරුදු විජ්ජා පාලා මේ හිත_______________

ඡායාවක් ලෙස ළගම රැදෙයි
මට්ටු කලොත් සිත බරකර කුසලට______________

සැප හසරැල් සොයමින් යනෙනා සිත
දුක් කදුළැල් නොපතයි කිසිදින_________________

මිසදිටු කම් ලග පරාද කරනෙමි
අමරස දම්කඳ දුටුවෙමි මසිතම_______________________


නොරුවටි නොතිවී යනු මැන දැන් දැන්
සදා නිවෙන්නට සිත පහදා_______________

මගේ බුදුන් දෙසු දම් රස ඇත තවමත්
විල් මත හිනෙහෙන පියමුන් විලසා______________________


Friday, December 2, 2011

මගෙ පුංචි පැටවු දෙන්නට.....

මගෙ රත්තරං පැටවු දෙන්නා දන්නවද
ඔයාලා දෙන්නා කොයි තරම් නම් වාසනාවන්තද_______________

මේ ඉපිද මැරිලා යන සංසාරෙ මිනිස් ආත්මයක් ලබන්න

ඔයාලා දෙන්නා කොයිතරම් නම් පින් කරන්න ඇද්ද_______________

දන්නවද මගෙ පැටවු දෙන්නා..........


කණ කස්බෑවා විය සිදුරෙන් අහස බලන්න වගේලු

මිනිස් ආත්මයක් ලැබෙන්නෙ__________________

___

ඉතිං බලන්න දවසක විය ගහක් සාගරයට ගහගෙන ගිහින්

කණ කැස්බෑවත් අහස බලන්න එන වෙලාවක
අර විය සිදුර තිබුණොත්ලු මිනිසෙකුට ආත්මයක් ලැබෙන්නෙ______________

ඉතිං එහෙම දුර්ලභව ලැබුණු මේ මිනිස් ජීවිතේ මම කියන්නෙ

මොකක්ද දන්නවද පුතේ......................
..

බුදුන් උපත කාලයක ලැබුණු මේ දිවියෙන් පලක් ගන්න මගෙ

පැටුවු දෙන්නා ඉක්මනින්ම_________________
______

දන්නවද ඔය දෙන්නා.......


මට මන්ද්‍රි දේවිය වෙලා දන් දෙන්න බැහැ කියලා.

ඒ නිසා හිත...කය...වචනය සංවර කරගෙන
මේ සසර මග දිනන්න වෙහෙසෙන්න ඔය දෙන්නා________________

තන්හාව ආශාව පොඳි බැදගෙන යන ගමනක ඒ දේවලින් මිදෙන්න

ඔය දෙන්නා___________________

මගෙ දූ සිල්වත් වෙන්න..මගෙ පුතා සිල්වත් වෙන්න........

එහෙම සිල්වත් වෙලා බුදුන් කිවුව මග යන්න මගෙ පැටවු දෙන්නා_________________

මට දෙන්න තියෙන එකම දායාදය....වස්තුව එච්චරයි රත්තරං පුතේ දුවේ........


_______________ අම්මා______________