පුන්‍යවන්ත සිතුවිලි පුත කරපින්නා
යන්න යන්නෙ ගිහිගෙය හැරදාලා
චන්ද්‍රමඩල යට සාවිය උණුවීලා
දෝරෙ ගලායයි මව්හද වැලපීලා...
මගක් කෙටිම කරගන්නට සංසාරේ
ඇවිද ආපු දුර නම් හරි වෙහෙසයිලු..
උගස් තියන් දරුපෙම හද ගැඹරේම
යන්න දෙන්න හිත හැදුවේ මේම...
උන්නු තැනම ලය මඩලේ පුත තාම
සින්න වෙලා දරුපෙම හිත බෝම
කුසල පමණි සංසාරේ යහ පලදීම
බැරිම වුනත් යන්න පුතේ ඔහොම...
දැදුරු කරන් සෙනෙහස් දිය හිල්වීලා
අස්ස මුල්ල කලතයි ඇස හද තෙරපා
පුතෙක් වෙලා බුදු මග යන සැනසීලා...
සාධු කියා මම ඉන්නම් පුත ඉවසාලා..
හරිම පින් පාට අම්මයි පුතයි.වාසනාවක් මේ වගේ දේ දකින්න අපේ ඇස් පින් කරලා තියෙනවා අක්කේ!
ReplyDeleteසත්තටම චූටි නංගියේ..
Delete