Wednesday, July 21, 2010

ඇසල පොහොය ......

සුදු ඇත් පැටවෙක් අහසින් ඇවිදින්...
දේවිය කුසමත හැංගීලා...
මහමායාවෙනි ඔබ දුටු සිහිනෙන්
බෝසත් කුමරුන් පිළිසිදලා...

දුටුව මහල්ලා ලෙඩෙක්ද හමුවී
මළමිනියක් පැවිදි රුවක් පසුවී
විදි රජ සැප කුමරන්ටත් සිහිවී
යන්න ගියා නේරංජනාවෙත් නොපෙනී...

සසර කෙලෙස් දුක් පීඩා දුරු කොට
තණ්හා රතී දස මරුන්ද පරදා...
දුකක් නොමැති නිවනට යන්නට
දම්සක් දෙසුමක් දෙසුවා හමුවී...


මීට අමතරව තවත් ශාසනික දේ සිද්ධ වුන ඇසල පුන් පෝදා බොදු මනිසුනි අපිට වැදගත්ම වෙයි...දන්න ධර්මය අඩු වුනත් හැමදාම වගේ වෙනස් දෙයක් තනියම ඉන්න කොට කරන්න හිතුනා...මෙ එයයි...හිතෙන දේවල් ලියලා යන්න...

ඔබට...මට...

වෙන පිහිටක් කොහිද...

හිතන්න...

මං දන්න දේ හරි අඩුයි....ඒත් දැනෙන දේ...
දැනෙන විදිහටම ලියන්නම්...

හැමදේම අපේ හිත තමයි...