Tuesday, July 1, 2014

බුදුන් මුළු ලොවටමය


"ලෝක විෂය අචින්ත්‍යය. සත්ව විෂය අචින්ත්‍යය. සිතා නිම කළ නොහැක. කෙළවරක් දැකිය නොහැක. "
" ලෝකයේ කෙළවරක්,අග සහ මුල් , කොන් ඇති දේ මෙන්ම අග,මුල,කොන, සෙවිිය නොහැකි දේවල්ද ඇත. "

මිනිසා ගේ සහ ලෝකයේ ආරම්භය සර්වඥතා ඥානයෙන් අවබෝධ කැර ගත් බුදුරජාණන් වහන්සේ එය මිනිසාට අවබෝධ කරන්නට දේශනා කරන්නට ගියා නම් උන්වහන්සේගේත් ශ්‍රාවකයින්ගේත් ආයුෂ ( එය අසා නිම කිරිමට ) ප්‍රමාණවත් නොවනු ඇත.

ඒ නිසා ලෝකයේ සහ සත්වයින්ගේ අන්තය සෙවිම න්ශ්ඵල දෙයක් බව දේශනා කොට නොසෙවිය යුතු දේ ලෙස හැඳින් වූ සේක.

තමන් සෙවිය යුතුය. සතර රියනක් තරම් වු තමන්ගේ පංචස්කන්දය ( රූප, වේදනා, සඤ්ඤා,සංඛාර,විඤ්ඤාණ හෙවත් නාම රූප ) පිළිබඳව සොයන්න.

උපුටා ගැනීම - අපට නොපෙනෙන ලෝකය ,

ප.ලි -

ඡායාරුපය මා විසින් ගත් එකක් බැවින් එයට මගේ නම යොදාගන්නා ලදි. එහි ලියා ඇති පාඪය පොතෙන් උපුටා ගත්තකි.
 
 

Thursday, July 19, 2012

බෙදාගන්නට බැරිව

විහාරෙට අගුළු දා
බුදුන් හිරකරලා
උනුනුන් යුධ වදියි
බෙදාගන්නට බැරිදා.....

Tuesday, April 17, 2012

...මේ ඡායාරූපය දැක්කහම මට හිතුන දේ....





හිරු දැකී හිනැහෙන
මලක් සේ...
බුදු රුවක් දැක
සැනසෙමි මමත්..
මල් පිපී ලොව
පරවෙලා යනසේ...
අස්තිරයි දුව දුවා
යනම සසරත්...

සෙත් පිරිත ළග
දැහැන් ගත හිත...
බුදු මගක යන්නට
කියයි නිතරම...
පින් පුරන් සසරක
ආවමුත් හිත..
නිති බැදුනෙ බැදුමක
රැදුන දුකකම...

මදාරා පරසතු නෙලන්නට
හිත හිතා..
දෙව්ලොවෙම ඉන්නට
හිතූ මෙදිනා..
මිගදායෙ ඇසතු සෙවනක
සිසිලස වගේ...
කොහේවත් ඇතිවද අසනෙමි
මෙමං හඩගා...

Tuesday, January 31, 2012

බුදු මගක යන පුතුට

පුන්‍යවන්ත සිතුවිලි පුත කරපින්නා
යන්න යන්නෙ ගිහිගෙය හැරදාලා
චන්ද්‍රමඩල යට සාවිය උණුවීලා
දෝරෙ ගලායයි මව්හද වැලපීලා...

මගක් කෙටිම කරගන්නට සංසාරේ
ඇවිද ආපු දුර නම් හරි වෙහෙසයිලු..
උගස් තියන් දරුපෙම හද ගැඹරේම
යන්න දෙන්න හිත හැදුවේ මේම...

උන්නු තැනම ලය මඩලේ පුත තාම
සින්න වෙලා දරුපෙම හිත බෝම
කුසල පමණි සංසාරේ යහ පලදීම
බැරිම වුනත් යන්න පුතේ ඔහොම...

දැදුරු කරන් සෙනෙහස් දිය හිල්වීලා
අස්ස මුල්ල කලතයි ඇස හද තෙරපා
පුතෙක් වෙලා බුදු මග යන සැනසීලා...
සාධු කියා මම ඉන්නම් පුත ඉවසාලා..

Sunday, January 8, 2012

මට යන්න හිතයි..

හද ගිමන් නිවන
මහන්සියට
නැවතුමක් සොයා
මට යන්න හිතෙයි
පා ගමනින්
ඇවිදින්.............
දෙව්රම් වෙහෙර පෙදෙසටා...............

ගිනි ගත් හිත දැක්කද...
පසිදුරො රජ වෙනවද...
මේ මෝහ  ද්වේෂ රාග....
යයි ඇවිලී....සංසාර ගමන් මග අහුරා.............

දන් පින් දෙන්න හිතක් නැතිමුත්
පන්සිල් රකිනට බැරිවෙයිදෝ....
මහන්සියයි කාංසියයි
හොදටම මා පෙළනවා....
යන්න යනවා මා ඇවිදන් පා ගමනින්.....
දෙවුරම තිබෙන පෙදෙසටා.....

Saturday, December 10, 2011

පරදන්නෙමි සිත...


මෝහ මුලා පොඳි බැඳගෙන
දිගු ගමනක් යන මේ හිත ළග______________

දාස වෙලා නම් කුමටද තව තව
මාර පරාජය කරනෙමි අදහෙට_____________

මායාවක් විලසට ආවත්
සුපුරුදු විජ්ජා පාලා මේ හිත_______________

ඡායාවක් ලෙස ළගම රැදෙයි
මට්ටු කලොත් සිත බරකර කුසලට______________

සැප හසරැල් සොයමින් යනෙනා සිත
දුක් කදුළැල් නොපතයි කිසිදින_________________

මිසදිටු කම් ලග පරාද කරනෙමි
අමරස දම්කඳ දුටුවෙමි මසිතම_______________________


නොරුවටි නොතිවී යනු මැන දැන් දැන්
සදා නිවෙන්නට සිත පහදා_______________

මගේ බුදුන් දෙසු දම් රස ඇත තවමත්
විල් මත හිනෙහෙන පියමුන් විලසා______________________


Friday, December 2, 2011

මගෙ පුංචි පැටවු දෙන්නට.....

මගෙ රත්තරං පැටවු දෙන්නා දන්නවද
ඔයාලා දෙන්නා කොයි තරම් නම් වාසනාවන්තද_______________

මේ ඉපිද මැරිලා යන සංසාරෙ මිනිස් ආත්මයක් ලබන්න

ඔයාලා දෙන්නා කොයිතරම් නම් පින් කරන්න ඇද්ද_______________

දන්නවද මගෙ පැටවු දෙන්නා..........


කණ කස්බෑවා විය සිදුරෙන් අහස බලන්න වගේලු

මිනිස් ආත්මයක් ලැබෙන්නෙ__________________

___

ඉතිං බලන්න දවසක විය ගහක් සාගරයට ගහගෙන ගිහින්

කණ කැස්බෑවත් අහස බලන්න එන වෙලාවක
අර විය සිදුර තිබුණොත්ලු මිනිසෙකුට ආත්මයක් ලැබෙන්නෙ______________

ඉතිං එහෙම දුර්ලභව ලැබුණු මේ මිනිස් ජීවිතේ මම කියන්නෙ

මොකක්ද දන්නවද පුතේ......................
..

බුදුන් උපත කාලයක ලැබුණු මේ දිවියෙන් පලක් ගන්න මගෙ

පැටුවු දෙන්නා ඉක්මනින්ම_________________
______

දන්නවද ඔය දෙන්නා.......


මට මන්ද්‍රි දේවිය වෙලා දන් දෙන්න බැහැ කියලා.

ඒ නිසා හිත...කය...වචනය සංවර කරගෙන
මේ සසර මග දිනන්න වෙහෙසෙන්න ඔය දෙන්නා________________

තන්හාව ආශාව පොඳි බැදගෙන යන ගමනක ඒ දේවලින් මිදෙන්න

ඔය දෙන්නා___________________

මගෙ දූ සිල්වත් වෙන්න..මගෙ පුතා සිල්වත් වෙන්න........

එහෙම සිල්වත් වෙලා බුදුන් කිවුව මග යන්න මගෙ පැටවු දෙන්නා_________________

මට දෙන්න තියෙන එකම දායාදය....වස්තුව එච්චරයි රත්තරං පුතේ දුවේ........


_______________ අම්මා______________