ලෝකය ගැන සිතන්නට ගිය විට අප අතරමං වේ. ඊටත් එහා
අතරමංවන්නේ සිත ගැන සිතන්නට ගිය විටය. එකම අරමුණක බැද තබාගන්නට බැරි චංචල
සිත විදුලි වේගයද පරයා යයි. මනසේ ක්‍රියාකාරිත්වය මෙන්න මෙපමණයි කියා
කියන්නට බැරි වන තරමට අප අසරණවන අවස්ථා ඇත. එහෙත් වචනයත්, කයත් සංවර කරගත්
සීලයක් තුල පිහිටා භාවනාවෙන් සිත දියුණුකරගත් ප්‍රාඥයින් අදත් මේ මිහිපිට
ඇත. එහෙත් ඔවුන් මම මෙන්න මේ අවස්ථාවේ සිටින්නේ යැයි කිසිදු දිනක පවසන්නේ
නැත.
අපායක් නැති දිව්‍යෙලා්කයක් නැති කිය කියා විද්‍යාවත් ආගමත් ඇබැටක තරම්වත් නොදැන
පාරම්බාන සමාජයක මේ පොත් හතර යලිත් මා සිතන්නට යොමු කලේය. 2011 වසරේ
ලංකාවෙන් එන විට ගෙනාවත් දෙවන වතාවට හිතට ආයෙ ආයෙත් දැනෙන ලෙස කියවා හමාර
කලේ අදය.
දැයේ පිනට හෝ පහල වුන බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමිපාණන්
සමඟ සාඛච්ඡා කරමින් කෙරන පළමු කොටස හදවතට තදින්ම දැනුනේය. එකම දවසක් හෝ
දෑසින් දැකගන්නට බැරි දුක වැඩිපුර රිදවුයේය. භාවනාව විලාසිතාවක් වී ඇති
යුගයක භාවනාව ගැය හොධ ලිපි කිහිපයක් දෙවන කොටස පොතෙහි ඇතුළත්වේ. ඒ රේරුකානේ
චන්ද්‍රවිමල ස්වාමින් වහන්සේ හා සඛච්ඡා කොට රචිත ඒවාය.
ප්‍රේතයින් , භූතයින් පිළි නොගන්නා අයට එය පිලිගන්නට සිදුවන්නේ බලන්ගොඩ
ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ ප්‍රෙයා්ගිකව එය කර පෙන්වා කරුණු ඉදිරිපත්කර
ඇති ලිපි කියවද්දිය.
බුදුන් වහන්සේ අත්තක කොළ ටිකක් අතට කඩාගෙන
මා දේශනා කළ ධර්මය මෙන්න මෙපණක් තරම්ය කියා ඇත. එසේ නම් උන්වහන්සේ වදාළ
නැති ධර්මය අර අතෙහි ඇති කොළ ප්‍රමාණය හැර ලොව ඇති අන් සියල්ලමය. කෙසේ
වෙතත් ජිවිතයට කියවා බොහෝ දේ තේරුම් ගන්නට වටිනා පොත් කිහිපයක් යැයි මම
කියමි.
කවුරුන් කිවත්, පොතක තිබුණත් , පරම්පරාවෙන් ආවත් පිළිගන්න
එපා යැයි බුදුන් වහන්සේ කාලාම සූතුයේදි දේශණා කළ වදාලහ. ඉදින් ඔබත් කියවා
ඔබේ හිතින් තේරුම් ගෙන අවබෝධ කරගනිත්වායි පතමි.
No comments:
Post a Comment