Tuesday, April 5, 2011

කොහේවත් ඇතිවද අසනෙමි....

හිරු දැකී හිනැහෙන මලක් සේ...
බුදු රුවක් දැක සැනසෙමි මමත්..
මල් පිපී ලොව පරවෙලා යන සේ...
අස්තිරයි දුව දුවා යනම සසරත්...


සෙත් පිරිත ළග දැහැන් ගත හිත...
බුදු මගක යන්නට කියයි නිතරම...
පින් පුරන් සසරක ආවමුත් හිත..
නිති බැදුනෙ බැදුමක රැදුන දුකකම...


මදාරා පරසතු නෙලන්නට හිත හිතා..
දෙව්ලොවෙම ඉන්නට හිතූ මෙදිනා..
මිගදායෙ ඇසතු සෙවනක  සිසිලස...
කොහේවත් ඇතිවද අසනෙමි හඩගා...

No comments:

Post a Comment