Wednesday, September 22, 2010

ඉතිං යමු බුදු මගේ..

කිමද නුඹ බිය වන්නෙ...
මරණයට මෙතරම්ම..
වෙනවනම් බය නුඹ
වෙයන් පදුරු ලන සසරටම

සිරි පතුල් සිඹ සිඹ
බුදු මගම යනු හැර
අන් මගක් වේද
නුඹට මට හැමදාම

දින දිනම හිත වඩා
නිතිපතා බණ අසා
යන්න හැකි නම් නුඹට
මට බුදුන් කිවු හොද මගම...

තව තවත් ඇයි පමා
බුදුන්ගේ දේශයේ
හොද මතුරු සබැදුනේ...
ඉතිං යමු බුදු මගේ..
දිනන්නනට මරණය නොවේ...අපා දුක් විදින මේ සසර...

හදාගමු අපි අපේ හිත...

Tuesday, September 14, 2010

ඇයිද නුඹ දුක පුරන්නේ...

මම මගේ කිය කියා
හැමදාම
සසර මග නුඹ
පැටලෙති
මගේ වුනු කිසිවක්ම
මගෙ නොවන බව
දැන ගනින්
උපන්නෙත් හිස්
අතින්මයි
මැරෙන්නෙත් නුඹ
හිස් අතින්මයි
දෙඅත ගුලි කර
ගන්න හැකිවෙයි
නුඹ කරන යම්
හොදත් නරකත්....
ඉතිං ලොව තියෙන
අනියත බවම නම්
ඇයිද මෙ හැටි
ගහ මරා ගන්නේ
ඉන්න කම් නුඹ කරන
දේමයි තියෙන්නේ....
එහෙම දැන දැන් ඇයිද
නුඹ දුක් පුරන්නේ...