Monday, April 4, 2011

හිත නිවනා සුව...

බුදු බණ පදයක අපමණ හිත නිවනා සුව...
ලොව වදනක තව ඇතිදෝ...
බුදු රුව අබියස සිටිනා විට දැනෙනා සිසිලස..
ලොව වෙන කොතනක ඇතිදෝ..
මෙත් කරුණා ගුණ හදවත නිති රදවා...
බුදු ඇස ලොව බලනා වේලේ...
තන්හා ආශා පොදිබැඳ යන ගමනේ...
නැවතුම කවදා හිමිවේදෝ..

ලාභ අලාභය ගැන නොසිතන් කිසිදා නොදැනේ සිත්පීඩා
දිවිමගෙ යන මේ ගමනේ...
පින් සිතෙ දියුණුව රැක ගනිමින් යාමට දිරි ගන්නේ....
අමා නිවන් සුව ලබනා තෙක් මේ සංසාරේ

Wednesday, September 22, 2010

ඉතිං යමු බුදු මගේ..

කිමද නුඹ බිය වන්නෙ...
මරණයට මෙතරම්ම..
වෙනවනම් බය නුඹ
වෙයන් පදුරු ලන සසරටම

සිරි පතුල් සිඹ සිඹ
බුදු මගම යනු හැර
අන් මගක් වේද
නුඹට මට හැමදාම

දින දිනම හිත වඩා
නිතිපතා බණ අසා
යන්න හැකි නම් නුඹට
මට බුදුන් කිවු හොද මගම...

තව තවත් ඇයි පමා
බුදුන්ගේ දේශයේ
හොද මතුරු සබැදුනේ...
ඉතිං යමු බුදු මගේ..
දිනන්නනට මරණය නොවේ...අපා දුක් විදින මේ සසර...